කල්තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නැතිව Nilwala Products කෑන් කළ ආහාර මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් කල්තබාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?”
මේ අපෙන් බොහෝ දෙනෙක් අහන ඉතා වැදගත් ප්‍රශ්නයක්.
Nilwala Products අපි අපේ ආහාර සඳහා කිසිදු කෘතීම කල්තබාගැනීමේ ද්‍රව්‍යයක්, කෘතීම රසකාරකයක් හෝ වර්ණකාරකයක් භාවිතා නොකරන බව නැවත නැවතත් සතුටින් සහතික කරමින්ම, මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්න කැමතියි.
අපගේ කෑන් කළ නිෂ්පාදනවල රහස වන්නේ, ඒවා ජාත්‍යන්තර තත්ත්ව සම්මතයන්ට අනුකූලව අධිපීඩන ක්‍රියාවලියක් (Retort Technology) යටතේ සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයේදී ජීවාණුහරණය කිරීමයි.
මෙම විද්‍යාත්මක ක්‍රියාවලිය මඟින්, ආහාරවල අඩංගු සියලුම ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම ඉවත් කර, කෑන් කළ ආහාර ශීතකිරීමකින් තොරව දීර්ඝ කාලයක් ගබඩා කර තැබීමේ හැකියාව ලැබෙනවා. ඒ ඒ නිෂ්පාදනය අනුව, මාස 12 සිට මාස 36ක (අවුරුදු 3ක) පමණ කාලයක් කිසිදු නරක්වීමකින් තොරව ආහාර කල්තබාගැනීමට මේ නවීන තාක්ෂණය ලොව පුරා භාවිතා කරනවා.
අද වනවිට කෑන් වල පමණක් නොව, ඇලුමිනියම් ෆොයිල් පැක් වල ඇසුරූ ආහාර පවා කල්තබාගැනීම සඳහා ලංකාවෙත්, ලෝකයේ වෙනත් බොහෝ රටවලත් මේ උසස් තාක්ෂණය සාර්ථකව භාවිතා කරනවා.
Nilwala Products සමඟින් ඔබට ලැබෙන්නේ රසය, පිරිසිදුකම සහ දීර්ඝකාලීන නැවුම් බව එකට කැටි වූ, ස්වභාවික ගමේ රසයකි!

